මේජර් ලීග් පළමු තරගයෙන් මිලර් ගෙන් සුපිරි ප්‍රහාරයක්..

Cricket Australia
By Sithumi Jul 14, 2023 11:32 AM GMT
Report

ඊයේ (13) අමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ටෙක්සාස් සුපර් කිංග්ස් සහ ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවැත්වුණි.

එම තරගය ලකුණු 69කින් ජය ගැනීමට ටෙක්සාස් කණ්ඩායම සමත් විය. ෆෆ් ඩු ප්ලේසිස් නායකත්වය දරන ටෙක්සාස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 181ක් රැස්කළේය.

ඩෙවොන් කොන්වෙ ලකුණු 55ක් රැස්කළ අතර තරගයේ වීරයා වූ ඩේවිඩ් මිලර් ලකුණු 61යි. පන්දු යැවීමෙන් අලි ඛාන් සහ ලොකී ෆර්ගුසන් කඩුලු 2ක බැගින් දවා ගත්හ.

ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි ලොස් ඇන්ජලීස් කණ්ඩායම රැස්කළේ ලකුණු 112ක් පමණි. අන්ඩ්රේ රසල් පන්දු 34කදී ලකුණු 55යි.