මෙරට පැතිරෙන මාරාන්තින රෝගයක් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීමක්..

Galle Ministry of Health Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka National Health Service
By Aruna Aug 28, 2023 07:33 AM GMT
Report

කරාපිටිය රෝහලේදී මාස අටක් වයසැති බිළිඳෙකුගේ ඛේදනීය මරණයෙන් පසුව, මෙනින්ගොකොකල් රෝගය ප්‍රජාව තුළ පැතිර යා හැකි බවට කනස්සල්ලක් ඇති වී තිබෙනවා.

මෙම රෝගය මුලින්ම හඳුනාගනු ලැබුවේ පසුගියදා ගාල්ල බන්ධනාගාරයෙන්.

මෙනින්ගොකොකල් රෝගයට සමාන රෝග ලක්ෂණ සහිතව ඇතුළත් කළ බිළිඳා පසුගිය සෙනසුරාදා (26) කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

ගාල්ල බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වෙමින් පවතින මෙනින්ගොකොකල් රෝගය හේතුවෙන් මෙම මරණයට සෘජුවම හේතු විය හැකිද යන්න පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් මේ වන විට පරීක්ෂණ පවත්වයි.

කෙසේ වෙතත්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කෝනාර සෝමරත්න මහතා ඩේලි මිරර් පුවත් පත වෙත පවසා ඇත්තේ, මෙම මරණය මෙනින්ගොකොකල් රෝගයට සම්බන්ධ බවට සැක කරන නමුත් එය තවමත් තහවුරු කර නොමැති බවයි.

සිරුරු සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යවා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මරණයට පත්ව ඇත්තේ තලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, තෙහෙට්ටුව, වමනය හෝ අත් පා සීතල වැනි රෝග ලක්ෂණ අත්විඳින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය නිලධාරීන් පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටිති.

මෙනින්ගොකොකල් රෝගයට ගොදුරුව රැඳවියන් දෙදෙනෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් කිහිප දෙනෙකු මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ මෙම මරණ දෙක සෘජුවම Meningococcal රෝගය නිසා සිදුවූවක් බවයි.