පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවිදි දිවියට.

Parliament of Sri Lanka Sri Lanka Politician
By Wayomi Feb 20, 2024 11:49 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි භාවය ලබා තිබෙනවා.

ඒ්, ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූල ගන්ධකුටි විහාරස්ථානයේදීයි.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදුකළ ඉසිපතනාරාමයේ මූල ගන්ධකුටි විහාරාධිපති පූජ්‍ය රත්මලේ සුමිත් ආනන්ද හා පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ පියනන්ද නායකහිමිවරුන්ගේ උපාධ්‍යායෙන් යුක්තව ආගමික වතාවත් අනුව අද (20) දින පෙරවරුවේ පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන නමින් පැවිදි දිවියට ඇතුලත් වී ඇත..

එමෙන්ම කැනඩාවේ පදිංචි, වෘත්තියෙන් ඉංජිනේරුවකු වන ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත් සඳකැළුම් රාජපක්ෂ මහතාද පූජ්‍ය අම්පාරේ ධම්මාලෝක නමින් මෙම අවස්ථාවේදීම තාවකාලික පැවිදි භාවයට ඇතුළත් වීමද සිදුවී තිබෙනවා.