ජූලි 01 වන දා සිට ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්න යයි..

Sri Lanka Police Colombo Gampaha Kalutara Western Province
By Aruna Apr 21, 2024 06:33 AM GMT
Report

ජංගම දුරකථන ආධාරයෙන් ගාස්තු අය කරන ත්‍රිරෝද රථවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා.

එළඹෙන ජූලි 01 වැනිදා සිට මෙම නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බවයි, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ.

මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථවල ඇතුලත ඉහළ වම් කෙළවරේ ගාස්තු සඳහන් මීටරයක් මගියාට දර්ශනය වන පරිද සවිකර තිබීම අනිවාර්ය බවයි, එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටින්නේ.

අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ජංගම දුරකථන ආධාරයෙන් මගියාගෙන් ගාස්තු අය කරන ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් 0112860860 යන අංකයට පැමිණිලි කරන ලෙසයි.