සහරාන් වගේ බයානක 30ක් රට පුරා විවිධ තැන් වලින්.. මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Buddhism
By Aruna
දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස මතවාදයක් ප්‍රචාරය කරමින් හත්දෙනකුට දිවි නසාගන්නට පෙලඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ මිසදිටු කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනකු ගැන දැනට අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වනවා.
පොලිසිය හා බුද්ධි අංශ එක්ව අරඹා ඇති විමර්ශනයකට අනුව මෙම පිරිස හඳුනාගෙන ඇති අතර එම පිරිසට ගිහියන්ට අමතරව භික්ෂුන් කිහිපදෙනකුද සිටින බවයි හෙළි වී ඇත්තේ.
මෙම රුවන් ප්‍රසන්න නමැත්තා බෞද්ධ දර්ශනය යැයි හුවාදක්වමින් පොළොන්නරුව හා අම්බලන්ගොඩ ප්‍රදේශවල වසර දහයක් පමණ මිථ්‍යාව වපුරමින් පුද පූජා පවත්වා ඇති බව හෙළි වී තිබේ.
දැනට ඔහුගේ ප්‍රධාන අනුගාමිකයන් ලෙස හඳුනාගත් තිස්දෙනකු ඔවුන් අන්තවාදී මතවලින් මුදාගැනීමේ වැඩපිළිවෙළක් අරඹා ඇති බවයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේ.