ලංකාවට බාල ඖෂධ සැපයූ සමාගමට එරෙහි විමර්ශනයක්..!
ඉන්දීය මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය ශ්‍රී ලංකාවට බාල ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වී ඇති ඉන්දීය ඖෂධ සමාගම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ගුජරාට් හි 'ඉන්දියානා' නම් අදාළ ඖෂධ සමාගම විසින් සැපයූ, අක්ෂි ආබාධ සඳහා යොදාගනු ලබන ඖෂධයක් හේතුවෙන් මෙරට පුද්ගලයින් 30දෙනෙකුට පමණ ආසාත්මිකතා ඇතිවූ බවට ශ්‍රී ලංකා රජය විසින් එරට රජය වෙත දැනුම් දී ඇති බවය.
එනම්, මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා චෝදනා එල්ල වූ සමාගමට කැඳවීමක් සිදුකර ඇති ඉන්දීය ඖෂධ අපනයන කවුන්සිලය, සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට ද නියෝග කර තිබේ.
ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස, මතභේදයට තුඩුදී ඇති ඖෂධය නිෂ්පාදනය තාවකාලිකව නතරකරන ලෙස මෙන්ම නිකුත් කර ඇති ඖෂධ තොග යළි කැඳවීමට ද ඉන්දියානා සමාගම වෙත නියෝග කර ඇති බවද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
ගතවූ වසරක කාලය තුළ ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සිව්වන අවස්ථාව මෙය වන අතර මෙවැනි සිදුවීම් ඉන්දියාවේ ඖෂධ අපනයන කර්මාන්තයට දැඩි බලපෑමක් සිදුවන බව එරට ඖෂධ අපනයන කවුන්සිලය ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවට දුර්වල ඖෂධ සැපයූ බවට එල්ල වන චෝදනාව "ඉන්දියානා" ඖෂධ සමාගම ප්‍රතික්ෂේප කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |