මයි 9 ප්‍රචණ්ඩත්වයට අදාලව තවත් 31ක් අත්අඩංගුවට - පොලිසියෙන් නිවේදනයක්

Nihal Talduwa Sri Lanka Police Galle Face Protest Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 22, 2022 11:45 AM GMT
Report

මැයි මස 09 වනදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ක්‍රියාවන්ට අදාළව ඊයේ (21) දින සිදුකරන ලද මෙහෙයුම්වලින් සැකපිට පුද්ගලයින් 31ක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටී.

මේ අතර ඊයේ දිනට සැකකරුවන් 06දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙස අධිකරණය නියෝග කර ඇත. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති මුළු සිදුවීම් සංඛ්‍යාව 858ක් බවත් සැකකරුවන් 3553ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි

. පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මැයි මස 09 වනදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ක්‍රියාවන්ට අදාළව මේ වනවිට සැකකරුවන් 1255ක් රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බවය.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් විශේෂ ප්‍රකාශයක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now