ඉන්දියාවට සහ රුසියාවට යන ලංකාවේ ගුවන්තොටුපල.

Sri Lanka Cabinet Government Of Sri Lanka Mattala International Airport
By Wayomi Apr 26, 2024 08:42 AM GMT
Report

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

රජය සඳහන් කරන්නේ, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි පහසුකම් භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා 2023-1-9 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙලෙස අනුමැතිය ලැබුණු බවයි.

එහිදී අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති අතර ආයතන පහක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇත.

ඒ, අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි කළමනාකරණය ඉන්දියාවේ m/s Shaurya Aeronautics (pvt)Ltd සහ රුසියාවේ Airports of regions management company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායකයක් වෙත වසර 30ක කාල සීමාවක් සඳහා පැවරෙනු ඇති.

........................................................

You may like this video