මතුගම කන්නන්ගරයට විශිෂ්ඨ ඡායාරූප ජයග්‍රහණ රැසක්.(PHOTOS)

Ministry of Education Sri Lankan Schools Education
By Aruna Aug 03, 2024 06:17 AM GMT
Report

මතුගම සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැදි විදුහලේ 10 වන ශ්‍රේණියේ අධ්‍යයාපනය හදාරණ විශ්ව පහන් ගල්පාය පුතණුවන් පසුගිය දිනවල පැවති පාසල් ඡායාරූප සංගම් රැසක තරඟ අංශ ගනණාවක් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින් සිය පාසලේ කීර්ති නාමය ශ්‍රී ලාංකික පාසල් අතර අද්විතීය තැනකට ඔසවා තැබීමට කටයුතු කර ඇත.

ජනාධිපතිවරණය ගැන බුද්ධි අංශ වාර්තාවක් එළියට එයි..ලක්ෂ 40ක් ගැන විශේෂ අනාවරණයක්..

ජනාධිපතිවරණය ගැන බුද්ධි අංශ වාර්තාවක් එළියට එයි..ලක්ෂ 40ක් ගැන විශේෂ අනාවරණයක්..


සිය පාසලේ ක්‍රියාත්මක කළුතර දිස්ත්‍රික් ප්‍රථම පාසල් ඡායාරූප සංගමය වන Christophians Photographic Art Club (CPAC) ඡායාරූප සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන විශ්ව පහන් ගල්පාය,කොළඹ නාලන්දා විද්‍යාලය සංවිධානය කළ "Nalanda Seya" අන්තර් පාඨශාලා ඡායාරූප තරඟයේ පාරිසරික හා වනජීවී තරඟ අංශයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය සදහා වන රන් පදක්කම (Nature & Wild Life) – Gold Medal ඒක වර්ණ ඡායාරූප තරග අංශයේ සමස්ත ලංකා කුසලතා සහතික පත්‍ර 5 න් 2 ක් ජයග්‍රහණය කර ඇත. ( Monochrome Category – 2 Merit Awards)

හෝමාගම මහා විද්‍යාලය සංවිධානය කළ "Focus Eye - 24"අන්තර් පාඨශාලා ඡායාරූප තරඟයේ ඒක වර්ණ තරග අංශයේ (Monochrome Category) සමස්ත ලංකා ප්‍රථම ස්ථානය සඳහා වන රන් පදක්කම සහ එම තරග ඉසව්වේම තෙවන ස්ථානය සදහා වන ලෝකඩ පදක්කමත්, වර්ණ ඡායාරූප තරග අංශය (Colour Category) සදහා පිරිනමන කුසලතා සම්මාන 5 න් ( Merit Award ) එක් කුසලතා සම්මානයක් දිනා ගැනීමටත් විශ්ව සමත් වී ඇත.

ලොරි රථයේ දොරේ මීටර් 500 ක් එල්ලී ගිය පියා හප්පා මැරූ පුද්ගලයා අල්ලා ගනී..සංවේදී දර්ශන සහිතයි(VIDEO)

ලොරි රථයේ දොරේ මීටර් 500 ක් එල්ලී ගිය පියා හප්පා මැරූ පුද්ගලයා අල්ලා ගනී..සංවේදී දර්ශන සහිතයි(VIDEO)


එමෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලය සංවිධානය කළ PILIBIMBU ඡායාරූප ප්‍රදර්ශනයට යොමුකෙරුණු ඡායාරූප දහස් ගණනාවක් අතරින් ප්‍රදර්ශනයට තෝරාගත් ඡායාරූප 100 අතරට විශ්වගේ ඡායාරූපයක් ඇතුලත් වී ඇත.

පසුගිය දිනවල පැවැත්වූ ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ ජාතික ඡායාරූප ප්‍රදර්ශනය සඳහාද විශ්වගේ නිර්මාණ තේරීපත් වූ අතර, ශ්‍රී ලාංකීය විශිෂ්ඨ වනජීවී ඡායාරූප ශිල්පීන් සිය අද්විතීය නිර්මාණ හරහා ගැටෙන " Wild Sri Lanka" ඡායාරූප තරගයේදීද විශ්වගේ ඡායාරූප නිර්මාණයක් මෙම වසරේදී විශිෂ්ඨ කුසලතා ඇගයීමට ලක් විය.

මෙම සෑම තරගයක්ම ශ්‍රී ලංකාවේ අති ප්‍රවීණ විනිසුරු මඩුලු කීපයකින් තේරීමට,ඇගයීමට ලක්විය.

ප්‍රබල භූමිකම්පාවක්..ආරක්ෂිත ස්ථානයන්ට යන්නැයි දැනුම්දෙයි..සුළං තත්ත්වය ගැනත් අනතුරු ඇඟවීමක්..

ප්‍රබල භූමිකම්පාවක්..ආරක්ෂිත ස්ථානයන්ට යන්නැයි දැනුම්දෙයි..සුළං තත්ත්වය ගැනත් අනතුරු ඇඟවීමක්..


මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය මෙතෙක් ලද සුවිශේෂීම ඡායාරූප තරඟ ජයග්‍රහණ එකතුව මෙය වන අතර විශ්ව පහන් ගල්පාය පුතණුවන්ට අපගේ සුබපැතුම් පිරිනමන්නෙමු.

GalleryGalleryGallery