බන්ධනාගාරයක කටයුතු හදිසියේම සීමා කෙරේ..!

Matara Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By Sewvandhi Dec 22, 2023 02:35 PM GMT
Report

උණ රෝගී තත්ත්වයන් හේතුවෙන් මාතර බන්ධනාගාරයට අදාළ නේවාසික රෝගීන් 08 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර තිබේ.

 බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ, එම රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිර්දෙශයන්ට අනුව බන්ධනාගාර කටයුතු සිමා කිරීමට පියවර ගෙන ඇති බවයි.

මාතර බන්ධනාගාරයට ගෙනඑනු ලබන නවක රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත මේවන විට තීරණය කර ඇති අතර අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකිරීමට කටයුතු යොදා තිබේ.