කවියෙන් ලංකාවම රස ගැන් වූ කලාකරුවෙක් සියල්ලන් හඬවමින් ජීවන කතරට සමු දෙයි.. (PHOTOS)
කිවිසක්විති , කිවිපති , කලාභූෂණ ජ්‍යෙෂ්ඨ කිවිවර කිරලගහවෙල මාර්ටින් ජයවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හිටිවන කවියෙන් ලංකාවම රස ගැන් වූ ඒ මහතා මියයන විට 98 වියෙහි පසු විය.
අග්‍රගන්‍ය කවියකු ලෙස අතිශයින් ජනාදරයට පත්ව සිටි ඒ මහතා නව කතා සහ කෙටි කතා රචකයකු මෙන්ම ගුවන්විදුලි නාට්‍ය රචකයකු ද වේ.
කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරේ මේ වන විට ජීවත්ව සිටි වයෝවෘද්ධම කිවිඳා ලෙස ඒ මහතා හැදින්විය හැකිය.
ප්‍රවීණ කිවිඳියක වූ දිවංගත චන්ද්‍රා විදාණපතිරණ මැතිනියගේ ස්වාමිපුරුෂයා වූ එතුමා පුවත්පත් කලාවේදී රන්ජන් ගාමිණී ජයවර්ධන, ප්‍රවීන කිවිඳියක වන ඉන්ද්‍රා පුෂ්පානි ජයවර්ධන ඇතුළු දූදරුවන් හය දෙනෙකුගේ පියෙකු විය.
එතුමා දිවංගත ගුවන්විදුලි ශිල්පී කරුණාතිලක හඳුවල කිවිඳුන්ගේ මාමණ්ඩිය වන අතර යොවුන් සංගීත ශිල්පීන් දෙදෙනෙකු වන සරිත් සහ සුරිත් ඇතුළු මුණුබුරු පිරිසගේ සීයා වේ.
එතුමාගේ දේහය දැනට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු දෙසැ 29 වෙනිදා බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.
කෙසේ වෙතත්, එතුමා උතුම් නිවනින් නිවී සැනසේවා යැයි ගගන අපි ප්‍රාර්ථනා කරන්නෙමු..!