ඔයත් රට රැකියාවක් බලාපොරොත්තුවෙන් ද ඉන්නේ?. රජය ගත් තීරණයක් මෙන්න..
Manusha Nanayakkara
Sri Lanka Politician
Job Opportunity
Latest Headlines
Decision Making
By krishani
ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විදේශගත කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇත.
ඒ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේ ය.
ඒ අනුව මේ වන විට එය ක්‍රියාත්මක කිරීම සදහා වන මාර්ග සිතියම ද සකස් කරමින් සිටින බව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම අමාත්‍යවරයා පවසා සිටියේ විදේශ ගත කාන්තා ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, සුබසාධනය තහවුරු කිරීම සදහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බවයි.
තව ද, ඉදිරියේ දී පාර්ලිමේනතුවට ඉදිරිපත් කිරීමට නියමිත සේවා නියුක්ති පනත මගින් ද සේවයේ යෙදෙන කාන්තාවන්ගේ, සේවයේ යෙදවීමේ අයිතීන් ආරක්ෂා කරන අතරම ඔවුන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සදහා ද විධිවිධාන රාශියක් හදුන්වාදීමට අපේක්ෂිත ය.