අමාත්‍ය මනූෂට දැඩි අප්‍රසාදයක් - කෝප් කමිටුවේදී සිදුවූ දේ
කම්කරු සහ රැකිරක්ෂා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සහ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුවේ) බලතල දැඩි ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් එම කමිටුවේ දැඩි අප්‍රසාදය පළවිය.
මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට සිය කනගාටුව පළ කිරීමට කමිටුව තීරණය කළේය. මීට අමතරව මේ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කිරීමටත් ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර ඇත.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 5 වැනිදා පෙරවරුවේ රැස්විය. නානායක්කාර අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ගැන අප්‍රසාදය පළවූයේ ඒ අවස්ථාවේදීය.
කම්කරු අමාත්‍යවරයා විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සහ කෝප් කමිටුවේ බලතල මෙසේ විවේචනයට ලක් කර ඇත්තේ ඔහුගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ දෙසැම්බර් මස 22 වැනි දා පැවැති ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී යැයි කෝප් කමිටුව පවසයි.
මනුෂ නානායක්කාර මහතා කළ මෙම විවේචනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ලිපියකින් දැනුම්දී ඇති බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. මහජන නියෝජිතයන්ගේ මෙවැනි ප්‍රකාශ පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන අපේක්ෂාවන්ට දැඩි ලෙස හානිකර බව තමාගේ අදහස යැයි විගණකාධිපතිවරයා එම ලිපිය මගින් කරුණු පෙන්වාදී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |