හොර පාරෙන් මුදල් එවන්නන්ට වැඩ වරදී - උන්ඩියල් ක්‍රමයට එරෙහිව නව නීති

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Manusha Nanayakkara Sri Lanka Dollars
By Sithumi Sep 02, 2022 02:22 PM GMT
Report

උන්ඩියල් ක්‍රමයට එරෙහිව නව නීති හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අද (02) පාර්ලිමේන්තුවේදී අතුරු අයවැය විවාදයේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

"විදේශ ප්‍රේෂණ ටික හරියට ආවොත් ඩොලර් මිලියන 700ක් 800ක් එනවා. ඒක එනවට බය නිසා එවන්න එපා කියනවා. හිඟන්නට ඕනේ තුවාලේ තියාගෙන ඉන්න. තුවාලය හොඳ වෙනවාට හිඟන්නා බයයි." "අද අපි අලුත් නීති ක්‍රියාත්මක කරලා තියෙනවා උන්ඩියල් ක්‍රමයට සල්ලි එවන අයව අත්අඩංගුවට ගැනීමට. ඒක දේශීයව වගේම විදේශියවත් ක්‍රියාත්මක කරනවා."

"උන්ඩියල් ක්‍රමයට ලංකාවට සල්ලි ගෙනල්ලා ලංකාව ඇතුලෙදි තමන්ගේ බැංකු ගිණුමට ගෙනාවත් ඒ බැංකු හොයලා බලලා ඒ අයට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරනවා." "අපි ඉල්ලීමක් කරනවා වැදගත් විදිහට හොයන සල්ලි ටික වැදගත් විදිහටම ලංකාවට එවන්න කියලා."

"ඒ මුදල් නීත්‍යානුකූලව එවන අයට ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න බලපත්‍රයක් දෙන්න, අඩු පොලියට නිවාස ණය ලබාදෙන්න, විශ්‍රාම වැටුපක් ආරම්භ කරන්න ආදී සියලු දිරිගැන්වීම් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now