ප්‍රධාන මාර්ගයක් යළි දැනුම් දෙනතුරු හදිසියේම වසාදමයි..විකල්ප මාර්ග භාවිතා කරන්න..
මනම්පිටිය- ගල්ලෑල්ල මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
මේ වනවිට ගල්ලෑල්ල පාළම අසලින් අඩියක පමණ ජල මට්ටමක් පොළොන්නරුව - මඩකලපුව මාර්ගය හරහා පවතින බැවින් එම තත්ත්වය සැලකිල්ලට ගෙන ගල්ලෑල්ල ප්‍රදේශයෙන් මාර්ගය නැවත දැනුම්දෙන තුරුවසා තැබීමට පියවර ගත් බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.
මෙලෙස වසාදමා ඇත්තේ, මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්.
මේ අතර, මේ අතර මැණික් ගඟ පිටාර ගැලීමෙන් ඇතිවු ගංවතුර තත්ත්වයත් සමඟ යාල ජාතික වනෝද්‍යානයේ තිස්සමහාරාම, පලටුපාන ප්‍රධාන පිවිසුම නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන ඇත.
මේ හේතුවෙන්, සංචාරක බංගලා 06ක්ද වසා දැමීමට පියවර ගෙන ඇති බවයි, වනෝද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා සඳහන් කළේ.
මේ අතර බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය හාලිඇළ හතේ කණුව ප්‍රදේශයෙන් ද අවහිර වී තිබෙන බව වාර්තා වනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, ඊයේ (09) රාත්‍රී මාර්ගයට පස් කන්දක් නායයෑම හේතුවෙන් එය සම්පුර්ණයෙන් අවහිර වූ බවයි.
මාර්ගයට වැටී ඇති පස් ඉවත් ක්රීමේ කටයුතු අද (10) අලුයම 12.30ට පමණ නවතා දැමීමට කටයුතු කළ බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.
විශාල පස් කන්දක් මාර්ගයට කඩා වැටී ඇති හෙයින් අද දිනය තුළද එය සම්පූර්ණයෙන් විවෘත කිරීමට නොහැකි වනු ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, මේ හේතුවෙන්, විකල්ප මාර්ග ලෙස බණ්ඩාරවෙල ඇටැම්පිටිය මාර්ගය සහ දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගය භාවිත කළ හැකි බවයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට බදුල්ල නගරයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙත සිසුන් 300ක පමණ පිරිසක් පැමිණෙන බවට ද වාර්තා වනවා.
මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.