කැනඩාවට යන්න ආවට මූණ වෙනස් කරගෙන එන්න අමතක වෙලා..

Sri Lanka Airport Sri Lanka Immigration Canada
By Piyumika Jun 05, 2024 08:01 AM GMT
Report

අන් අයෙකු සතු , වලංගු වීසා බලපත්‍රයක් හිමි ගමන් බලපත්‍රයක් යොදා ගෙන කැනඩාව බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තරුණයෙකු අද(05) ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත .

අමුතු ලෙඩකට බෙහෙත් ගන්න ආ රෝගියා..

අමුතු ලෙඩකට බෙහෙත් ගන්න ආ රෝගියා..

මොහු 34 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර ඔහු සිය ගුවන් ගමන් නිශ්කාශන කටයුතු නිමා කර , විගමන කවුළුව වෙත පැමිණ සිය ගමන් බලපත්‍රය එහි සේවය කළ ආගමන විගමන නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබේ .

එහිදී ගමන් බලපත්‍රයෙහි ඇති ජායාරූපය සහ මොහුගේ ජායාරූපය එකිනෙකට වෙනස් බවක් පෙන්නුම් කළ නිසා , මෙම ගමන් බලපත්‍රය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සදහා එහි සදහන් තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය වෙත ඇතුළත් කර ඇත.

එහිදී මෙම ගමන් බලපත්‍රය හිමි තැනැත්තාට එරෙහිව ත්‍රිකුණාමලය අධිකරණය විසින් රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බවට ද කරුණු අනාවරණය විය .

ජගත් පරිසර දිනය අදයි..

ජගත් පරිසර දිනය අදයි..

ඒ අනුව මෙම තරුණයා ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

එහිදී මෙම තරුණයාගේ ගමන් මල්ල තුළ තිබී ඔහුගේ සැබෑ ජාතික හැදුනුම්පත සොයා ගැනීමට හැකි වී ඇති අතර , ඉන්පසුව ඔහු සියලුම සත්‍ය සිදුවීම ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබේ.

අඛණ්ඩ වැඩවර්ජනයට මොකද වෙන්නේ..

අඛණ්ඩ වැඩවර්ජනයට මොකද වෙන්නේ..

අනුරාධපුර නගරයේ තැරැව්කරුවෙකු විසින් කැනඩාවට ගිය පසු , රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක මුදලක් ඔහු වෙත ලබා දීමේ පොරොන්දුව මත මෙම කැනඩාවේ වලංගු වීසා බලපත්‍රයක් හිමි මෙම ගමන් බලපත්‍රය ලබා දුන් බව මෙම තරුණයා අනාවරණය කර තිබේ .