හිටපු ජනපතිට එරෙහිව අධිකරණය නියෝගයක්..!

Sri Lanka Maithripala sirisena former president Pajat road colombo 7
By Sewvandhi Mar 29, 2022 08:57 AM GMT
Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත්කර තිබේ.

එමෙන්ම අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කටයුතු කිරීම වළක්වාලමින් වග උත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත.

එම තහනම් නියෝග අද (29) දින සිට සති හතරකින් පසුව ක්‍රියාත්මක වන බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය. මෙම අතුරු නියෝග පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවද අධිකරණය සඳහන් කරයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට අදාළ නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි සඳහන් කරමින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි. අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 18 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

............................................................

You may like this video...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now