හිටපු ජනපතිගෙන් හදිසි කැඳවීමක්..

Maithripala Sirisena Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Jan 15, 2023 03:24 AM GMT
Report

අද (15) පස්වරුවේ, ඉදිරි පළාත්පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හමුවක් කොළඹ දී පැවැත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත.

මෙම හමුවේ දී පසුගියදා හෙලිකොප්ටරය ලකුණින් පිහිට වූ නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත්වන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බව නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ය.

එම සන්ධානයෙන් ඉවත්වන්නැයි අභ්‍යන්තර පාර්ශවයන්ගෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් තිබෙන බව ද වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join