පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන කතානායක කියයි...ඇතුලේ බල වෙනසක් ගැනත් කියූ දේ මෙන්න.
Parliament
Mahinda yapa
Mahinda Rajapakshe
By Aruna
පාර්ලිමේන්තුවේ බහුතරයක් ලිඛිතව ඉල්ලා සිටිය ද වසර දෙක හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරීමට ජනාධිපතිවරයාටද හැකියාවක් නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.
ශ‍්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ බව සඳහන්ව ඇති බවත් හෙතෙම පැවසීය.
නිසාම එම කාලය ගත වන තුරු කිසිම ක්‍රමයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කිසිවකුට නො හැකි බව ද හෙතෙම අවධාරණය කළා.
කෙසේ නමුත් පාර්ලිමේන්තුව ඇතුලේ මන්ත‍්‍රීවරුන් එක්වී කිසියම් වෙනසක් සිදු කරන්නේ නම් එය වෙනම තත්ත්වයක් බවත් පාර්ලිමේන්තුව විසුරුවීම වසර දෙක හමාරක් යන තුරු ජනාධිපතිවරයාටද බලයක් නැතැයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.
ඔහු මේ බව සදහන් කළේ, මාතරදී පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |