හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මොකක්ද මේ අද එකවරම කීව කාරණාව..

Mahinda Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka Podujana Peramuna
By krishani May 07, 2024 05:59 PM GMT
Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මොකක්ද මේ අද එකවරම කීව කාරණාව.. | Mahinda Rajapakshe Announsement

ඒ ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බවයි.

අද (07) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඒ අනුව පක්ෂය ස්වාධීනව ඒ සම්බන්ධයෙන් තීරණය කරන බව ඒ මහතා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරු අද පෙරවරුවේ මෙම විශේෂ සාකච්ඡාව සඳහා කැඳවා තිබුණේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ කැඳවීම සිදු කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවට වාර්තා වේ.

කෙසේ වෙතත්, පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවැති හමුවේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන් වේ.