හිටපු ජනපති මහින්ද ජනාධිපතිවරණයකට සූදානම් බව දැනුම් දෙයි..
Mahinda Rajapaksa
Sri Lanka Politician
Sri Lanka
Sri Lanka Podujana Peramuna
President of Sri lanka
By Aruna
ජනාධිපතිවරණයට නොව එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක පයින් සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.
ඔහු මෙසේ පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවලට අදහස් දක්වමින්.
හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළා.
ආණ්ඩුව වෙලාවට මැතිවරණ තියාවි. මොන මැතිවරණය ආවත් අපි ඒ එන ඕනෑම මැතිවරණයකට සූදානම්.
ජනාධිපතිවරණය ආවත් ගැටලුවක් නැහැ. විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍ය කළ විමසුමකදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එම පනත් කෙටුම්පත තවමත් දැක නැති බවයි.
"දැන් ඉතින් තියෙන්නේ නිදහස් මාධ්‍යයක් නේද" යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |