අගමැති ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න.

Sri Lanka
By Aruna Apr 10, 2022 04:45 AM GMT
Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීන්දුවක් අමාත්‍යවරු දෙදෙනෙකු මැදිහත්වී නවත්වා ඇති බව වාර්තා වනවා.

පසුගිය හතර වෙනිදා කැබිනට් මණ්ඩලයේ සියළු ඇමතිවරුන් ඉල්ලා අස් වූ අවස්ථාවට පෙර අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී අගමැතිවරයා සිය තීරණය ප්‍රකාශ කිරීමට නියමිතව සිටි බව මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන අමාත්‍යවරු ප්‍රධාන තවත් කිහිප දෙනෙකුගේ දැඩි ඉල්ලීම මත අගමැතිවරයා එම තීන්දුව වෙනස් කර ඇති බවටයි වාර්තා වන්නේ.

අගමැතිවරයා ධුරයෙන් ඉවත් වන්නේ නම් තමන්ද දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රසන්න රණතුංග මහතා එහිදී සඳහන් කර ඇති බවද දැනගන්නට තිබේ.

ඒ වන විටත් අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සූදානම් කරමින් තිබී ඇති අතර ඇතිවූ තත්ත්වය මත එය නවත්වා දමා තිබේ.

පසුව අගහැතිවරයා හැර සියළු ඇමතිවරුන් ඉල්ලා අස්වීමට කටයුතු කලේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now