අගමැති හදිසියේම වෘත්තීය සමිති නියෝජිතයින් හමුවෙයි

Parliament of Sri Lanka Mahinda Rajapaksa Sri Lanka Politician Prime minister
By Sewvandhi Apr 21, 2022 10:06 AM GMT
Report

ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කඩිනමින් විසදීම සදහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට වෘත්තීය සමිති තුළින් ලැබෙන සහයෝගය අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

ප්‍රගතිශීලි වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

වර්තමානයේ පවතින අර්බුදය නිර්මාණය වූයේ සියලු දේශපාලන පක්ෂ අතීතයේ ගත් තීරණ නිසා බවත් එමගින් නිර්මාණය වූ ආර්ථික අර්බුදය අද දේශපාලන අර්බුදයක් දක්වා නිර්මාණය වී ඇති බවත් වෘත්තීය සමිති නියෝජිතයින් එහිදී පෙන්වා දී තිබෙනවා.

අර්බුදය නිර්මාණය කිරීමට දායක වූ පිරිස් නිර්දෝෂීන් ලෙස පෙනී සිටිමින් වර්තමාන රජය සියලු චෝදනා එල්ල කරමින් සිටින බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී සඳහන් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now