විරෝධතා වලින් පසුව පළමුවරට හිටපු අගමැති මහින්ද පොහොට්ටු සාමාජිකයින් අමතයි - මහබැංකු අධිපතිගේ සම්මන්ත්‍රණයත් උණුසුම් වෙයි..කිරිඇල්ල පිටව යයි..(VIDEO)
මැයි 09 වනදා ඇතිවු කලහකාරී සිද්ධියෙන් පසු හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ පළමු වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට එක්ව තිබෙනවා. බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ දී මෙම රැස්වීම පැවති බවයි වාර්තා වන්නේ. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පවත්වා තිබෙනවා.
වත්මන් දේශපාලන තත්ත්වය සහ පොහොට්ටුවේ ඉදිරි කටයුතු පිළිබදව මෙහිදි දැනුවත් කර ඇති අතර ඊට හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රධානීන් ද එක්ව සිටියා. පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, ඇතුළු පොදුජන පෙරමුණ මන්ති්‍රීවරුන් සහ නියෝජිතයින් එක්ව සිටියා.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වැඩමුළුවක් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි ඊයේ පවත්වා තිබෙනවා. එය උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ මහබැංකු අධිපතිවරයා තමන් අධිපතිධූරය භාරගන්නා අවස්ථාවේදි මහබැංකුවේ ඩොලර් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 20 දක්වා පහත වැටි තිබු බවට ප්‍රකාශ කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ති්‍රී ලක්ෂමන් කිරිඇල්ල ප්‍රශ්න කිරීමත් සමගයි.
මුදල් බලය ඇති පාර්ලිමේන්තුවට ඒ පිළිබද ,හිටපු මහබැංකු අධිපතිවරුන් හෝ වත්මන් අධිපතිවරයා දැනුවත් නොකළේ මන්දැයි ලක්ෂන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විමසා ඇති අතර මහබැංකුව පාර්ලිමේන්තුවට නිකුත් කළ කිසිදු නිල ලේඛනයක මේ සම්බන්ධයෙන් සදහන් වී නොතිබුණු බවට ද ප්‍රකාශ කර තිබෙනවා. ඊට මහබැංකු අධිපතිවරයා පිළිතුරු ලබා දි ඇති අතර, පසුව කිරිඇල්ල මන්ත්‍රීවරයා රැස්වීමෙන් පිටව ගොස් තිබෙනවා.
එසේම, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා ද ආර්ථික අර්බුදය පිළිබද ප්‍රශ්න කර ඇති අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුගේ කථාවට බාධා කළ බවයි වාර්තා වන්නේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |