හිටපු අගමැති හා චීන තානාපති අතර සිදු වූ විශේෂ හමුව
Mahinda Rajapaksa
Sri Lanka Economic Crisis
China
By Sewvandhi
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා වේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා අතර හමුවක් ඊයේ (24) පැවැත්විණ
එම හමුවේ දී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා චීනයෙන් ලැබෙන සහාය පිළිබඳ චීන තානාපති චි චෙන්හොන්ග් මහතාට ස්තුති කළේ ය.
එහි දී චි චෙන්හොන්ග් මහතා ශ්‍රී ලාංකිකයන්ට අභියෝගවලට මුහුණදීමට ඇති හැකියාව පිළිබඳ ප්‍රශංසා කර ඇති අතර වැඩි කලක් නොගොස් මෙම දුෂ්කර කාලය මගහරවා ගැනීමට හැකියාව ලැබෙතැයි ප්‍රකාශ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |