අගමැති ගෝල්ෆේස් අරගලකරුවන්ට කිව්ව කතාව

By Sithumi Apr 23, 2022 04:26 PM GMT
Report

 ගාලුමුවදොර අරගලයේ නිරත පිරිස සමඟ සාකච්ඡා කිරීමට ඕනෑම අවස්ථාවක අරලියගහ මන්දිරය විවෘත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔවුන් සාකච්ඡාවකට නොපැමිණෙන තාක්කල් අරගලය දිගටම පවතිනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් වෙත අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. 

වත්මන් ආණ්ඩුවට සහ පවතින ආර්ථික අර්බුදයට විරෝධය පළ කරමින් ගාලුමුවදොර විරෝධතාව පැවැත්වෙන්නේ අඛණ්ඩව 15 වන දිනටයි. අද පෙරවරුවේ සිටම ගාලුමුවදොර එම විරෝධතාවට විශාල පිරිසක් එක්ව සිටියා. ඔවුන්ගෙන් කිහිපදෙනෙකු මෙලෙස අදහස් පළ කළා.

මේ අතර වත්මන් ආණ්ඩුවට සහ පවතින ආර්ථික අර්බුදයට විරෝධය පළ කරමින් අද දිනයේද ප්‍රදේශ රැසකදී විරෝධතා පැවැත්වුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

රටේ තත්ත්වය, අන්තර්වාර ආණ්ඩුව සහ ගාලුමුවදොර අරගලය සම්බන්ධයෙන් අග්‍රාමාත මහින්ද රාජපක්ෂ මහතා පළ කළ සම්පූර්ණ අදහස් ඇතුලත් වීඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුලත්.