"..ආරක්ෂක මණ්ඩලයට කැඳවූවත් ගියේ නෑ.." අගමැතිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය..
ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා තිබුණත් තමා එහි නොගිය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(22) පැවසීය.
ඒ වරද සිදුවූයේ තමා අතින් බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් තමාට ඒ රැස්වීමේ තොරතුරු එදිනම සවස් කාලයේදි ලබා දුන් බව පැවසූ අගමැතිවරයා එතන කිසිදු ගැටළුවක් නැතැයිද සඳහන් කළේය.මේ එහිදී ඇතිවූ සංවාදයයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
රඹුක්කන සිද්ධියෙන් පස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳෙව්වා. නමුත් ඒ රැස්වීමට අගමැති තුමා සහභාගි කරගත්තේ නෑ. ඒක තමයි ඇත්ත. අපි ඉදිරිපත් කරන සංශෝධනය ක්‍රියාත්මක කළානම් මේ වගේ තත්වයක් උදාවන්නේ නැහැ. අගමැතිතුමාට බලය ලැබෙනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:
අගමැතිතුමා කැඳවලා තිබුණා. නමුත් එතුමට යන්න බැරි වුණා. විපක්ෂ නායකතුමා පුන පුනා කියන්නේ ටොම් පචයක්
.අගමැති මහින්ද රාජපක්ෂ මහතා:
නායකතුමා ප්‍රශ්නයක් ඇහුවා. ඔව් මම කැඳෙව්වා. නමුත් මම ගියේ නෑ . ඒ වරද මගේ. ඒත් එතැන තොරතුරු ඔක්කොම මට පස්සේ දැනුම් දුන්නා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |