කැබිනෙට්ටුව පත් කිරීම උණුසුම් වෙයි. විපක්‍ෂයට යන බව අගමැති මහින්ද කියයි..
නව ඇමති මණ්ඩලය කිරීම සම්බන්ධයෙන් 17 රාත්‍රියේ පැවති සාකච්ඡා වටය දැඩි උණුසුම් ස්වභාවයක් ගත් බව වාර්තා වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නවක මුහුණු රාශියකින් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට තීරණය කර එම යෝජනාව මෙම රැස්වීමේදී ඉදිරිපත් කර ඇතත් මෙම යෝජනාවට එකහෙළා විරුද්ධ වී ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු, ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ජනාධිපතිවරයා ගේ යෝජනා ක්‍රියාත්මක වුවහොත් තමන් විපක්ෂයේ වාඩි වන බවයි.
මෙහිදී ජනාධිපතිවරයා විසින් නව පත් කිරීම් සිදු කිරීම සඳහා පසුගියදා පත් කරන ලද කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනාට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසට යෝජනා කර තිබෙන බව ද වාර්තා වෙයි.
එම යෝජනාවට ද එක හෙළා විරුද්ධ වී ඇති අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා ඇත්තේ මේ මොහොතේ කැබිනට් අමාත්‍ය ධුරය අත්හැර දැමීමට තමන් සූදානම් නොමැති බවයි.
ඒ අවස්ථාවේ දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කරුණු කාරණා මෙසේ සිදු වන්නේ නම් තමන් ඇතුළු කණ්ඩායමට විපක්ෂයේ වාඩි ගැනීම හැරෙන්නට වෙන විකල්පයක් නොමැති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |