අගමැතිගෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්..!

Sri Lanka politics parliament Mahinda Rajapaksha Gotabhaya Rajapaksha
By Sewvandhi Apr 18, 2022 01:43 PM GMT
Report

ජනතාවට වගකියන රජයක් බිහිකිරීම සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන ඉල්ලීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අවධානයට යොමු වී තිබෙනවා.

ඒ අනුව විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණයට අදාළව සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සදහා අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තුවෙන් සිටින බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එම සංශෝධිත ව්‍යවස්ථාව මගින් ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට හැකි බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now