අගමැති මහින්දගේ රුව ඇතුලත් මුදල් නොට්ටුවක් යාපනයේ කඩසාප්පුවකට දුන් අයෙකුට අකරතැබ්බක්
වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ රුව ඇතුලත් රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් යාපනයේ පිහිටි වෙළඳසැලකට ලබාදුන් පුද්ගලයෙකුට අදාල වෙළඳසැල් හිමිකරුවන් විසින් ඊයේ (05) සවස දැඩි විරෝධය පෑමෙන් උණුසුම් තත්වයක් ඇති වූ බව වාර්තා වනවා.
යාපනය නගරයේ පිහිටි සාප්පූ සංකීරණයකට ගිය පුද්ගලයෙකු අවශ්‍යතාවයක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂගේ රුව ඇතුලත් අදාල මුදල් නෝට්ටුව ඉදිරිපත් කිරීමත් සමග වෙළඳසැල් හිමියා විසින් මුදල් නොට්ටුව ලබා දුන් පුද්ගලයා සමග උරණ වී දැඩි ලෙස බැන වැදුණු බව යි සඳහන් වන්නේ.
අනතුරුව මුදල් හිමියාද වෙළෙඳහිමියා සමග බහින්බස් වීම හේතුවෙන් අසල්වැසි වෙළඳසැල් හිමියන්ද එම ස්ථනයට පැමිණීමත් සමග දැඩි
නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙනවා. රටේ රාජපක්ෂ පාලනය කෙරෙහි පවතින විරෝධතා වාතාවරනය හේතුකොටගෙන මුදල් හිමියාට අදාල මුදල් නොට්ටුව නැවත වෙනත් වෙළඳ සැලකටද ඉදිරිපත් නොකරන ලෙසට අවවාද කොට එම ස්ථානයෙන් ඉවත් කිරීමට සෙසු වෙළඳසැල් හිමියන්පි යවර ගෙන තිබුණු බව යි වාර්තා වන්නේ.