හවුල් ආණ්ඩුව දෙදෙරයි? - මහින්ද එළිපිටම රනිල්ගෙන් ගේම ඉල්ලයි. - (VIDEO)
ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ,බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ආණ්ඩුව සමග එකට කටයුතු කළත් තමන්ගේ සහ පක්ෂයේ ස්වාධීනත්වය මේ ආණ්ඩුවට පාවා නොදුන් බවත්ය.
එමෙන්ම මැතිවරණ ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පක්ෂය තුළ ශක්තිමත්ව සාකච්ඡා සිදුකරමින් පවතින බවත් රාජපක්ෂ මෙහිදී සඳහන් කළා.
මේ අතර මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය හෝ ඇතුළු ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් බවත් ඔහු සඳහන් කළ අතර ජාතික සම්පත් විකිණීම ඇතුළු ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන තරයේ විරෝධය පළ කරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අති බහුතරය ඒ මතය තුළ සිටින බවත් ඔහු අවධාරණය කර සිටියා.
මේ අතර ආණ්ඩුවෙන් ඉවත්වන්නේ දැයි එහිදී මාධ්‍යවේදියකු සිදුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවැසුවේ රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට තමන් සූදානමින් සිටින බවයි.