මහින්ද අත්අඩංගුවට..!

protest Anuradhapura Mahinda Kumara Jethavanaramaya Vijayapura
By Sewvandhi Apr 17, 2022 09:17 AM GMT
Report

අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යය මුදුනට නැග විරෝධතාවයේ නිරත වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලට අනුයුක්තව සේවයේ නිරත ආරක්ෂක නියාමකවරයෙකු වනවා.

අමරසේන අප්පුහාමිලාගේ මහින්ද කුමාර නමැති පුද්ගලයෙකු වන ඔහු අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව සඳහන්.

ඊයේ (16) දින ජේතවනාරාම චෛත්‍යය මුදුනට නැග විරෝධතා නවත්වන ලෙස ඉල්ලමින්, ඔහු විරෝධතාවයේ නිරත වී තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now