ජනපති අගමැති ගැටුම උග්‍රවෙයි..ඒත් මල්ලි අයියට යන්න එපා කියයි..හේතුව මෙන්න.

Parliament of Sri Lanka Basil Rajapaksa Gotabaya Rajapaksa Mahinda Rajapaksa Namal Rajapaksa
By Aruna Apr 22, 2022 07:08 AM GMT
Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් වුවද, එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වළක්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ජා හේතුවෙන්.

එහිදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට පවසා ඇත්තේ, යම් විදිහකින් අග්‍රාමාත්‍යවරයා තනතුරෙන් ඉවත් වුවහොත් එය කැබිනට් මණ්ඩලයම ඉවත් වූ බවට සැලකෙන නිසා මේ වන විට අමෙරිකාවට ගොස් සිටින මුදල් අමාත්‍ය අලි සබ්රිට එය බලපාන බවයි.

මේ අතර රට තුළ උද්ගතවී ඇති වත්මන් දේශපාලන අර් බුදය හමුවේ ජනාධිපතිගේ බලතල රැක ගැනීම හා ජනාධිපතිගේ බලතල අඩුකර අගමැතිගේ බලතල වැඩිකර ගැනීම පිළිබඳව මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක වන බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජක්ෂ පවුලට සම්බන්ධ සියලු දෙනා බලතල අත්හැරිය යුතු බවට රට පුරා මතුව ඇති ජන අරගලය හමුවේ මෙම තත්ත්වය වර්ධනය වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධුරයේ රැදී සිටිය යුතු බව පෙන්වා දී ඒ වෙනුවෙන් කටයුතු කරන බව වාර්තා වෙයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ පවතින අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයෙක් යටතේ ආණ්ඩුවේ ඉදිරි කාලය ගෙවිය යුතු බවයි.

මේ සදහා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරු පිරිසකගේද සහාය ලැබී තිබේ.

එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් අමාත්‍යවරු හා මන්ත්‍රීවරු පිරිසක් වත්මන් අර් බුදයට පිළියමක් ලෙස ජනාධිපති ඉවත්විම හෝ ජනාධිපති බලතල කප්පා කළ යුතු බවත් එම බලතල අග්‍රාමාත්‍යවරයා සතු කර ගැනිමට කටයුතු කළ යුතු බවටද යෝජනා කර තිබේ.

මේ වෙනුවෙන් විපක්ෂය විසින් ගෙන එන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදය යුතු බවට යෝජනා කර තිබේ.

මේ සඳහා ආණ්ඩු පක්ෂයේ හිටපු අමාත්‍යවරු රැසකගේ හා තරුණ මන්ත්‍රීවරු රැසකගේ සහාය ලැබී ඇති බව වාර්තා වෙයි.

මේ අතර ඊයේ (21දා) පාර් ලිමේන්තු කමිටු කාමර 01 දී රැස්වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කන්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යතුව ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාවකටද අනුමැතිය ලබාදීම විශේෂත්වයකි.

මේ අවස්ථාවේදි අග්‍රාමාත්‍යවරයාගේ නායක්තවය ශක්තිමත් කිරිමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තිරණය කළේ ආණ්ඩු පක්ෂය තුළ වෙනස් මත වර්ධනය වීම වැළැක්වීමට විය හැකි බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now