පාර්ලිමේන්තුව Covid මාරයා බිළිගනී - පාර්ලිමේන්තු පොකුර ඉහළ දමමින් තවත් ප්‍රබලයකු Covid ආසාදිත වෙයි..
Parliament
Mahinda Amaraweera
Covid19
Mahinda Yapa
qurrantine
By Sewvandhi
පාර්ලිමේන්තු අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොවිඩ් ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.
එනම්, පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂවරයා ඇතුළු එහි සේවකයන්, පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු පස් දෙනෙක්ද ඇතූලුව 25 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ.
කොවිඩ් ආසාදිත මෙම සේවකයන් නිරෝධායනය සහ හදිසි ප්‍රතිකාර සඳහා යොමු කෙරී ඇත.
පාර්ලිමේන්තු සේවකයෝ 152 දෙනක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කර ඇති අතර මේ විසි පස් දෙනාට කොවිඩ් ආසාදනයවී ඇතැයි හඳුනාගනු ලැබ ඇත්තේ එම පරීක්ෂණවලදීය.
කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙක්ද පාර්ලිමේන්තුවේ උසස් නිලධාරිනියක්ද කොවිඩ් රෝගයට පසුගිය දින කිහිපයේදී ගොදුරු වූහ. කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරුවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 46කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |