රාජ්‍ය ආයතන කිහිපයක සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමක් - එම ආයතන සහ දිනය මෙතනින්..

Mahinda Amaraweera Sri Lanka
By krishani Jun 25, 2022 12:07 AM GMT
Report

යූරියා පොහොර කාර්යක්ෂමව බෙදා හැරීමට පහසුකම් සැලසීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවලට අයත් සියලුම සේවකයන්ගේ නිවාඩු ජුලි 6 වැනිදා අත්හිටුවා තිබෙනවා.

ඒ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ය.

ඒ අනුව මෙරටට පැමිණෙන යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ජූලි මස 07 වැනිදා සිට 15 වැනිදා දක්වා ගොවිජන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කර අවසානයේ ගොවීන් වෙත ලබාදීමට කටයුතු කර ඇති බැවින් කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම යන ආයතනවල සේවකයන්ගේ නිවාඩු මේ කාලය තුළ අවලංගු කෙරෙනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join