ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන්ම අවහිර වෙයි - මේ මාර්ගයේ ගමන් කරනවා නම් මේ ගැනත් දැනගෙනම යන්න.

Sri Lanka Police Kandy Latest Headlines Decision Making
By krishani Dec 31, 2023 02:01 PM GMT
Report

මේ වන විට මහියංගනය – මහනුවර මාර්ගයේ රන්දෙනිගල සහ කීර්තිබණ්ඩාරපුර අතර කොටස සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන්ම අවහිර වෙයි - මේ මාර්ගයේ ගමන් කරනවා නම් මේ ගැනත් දැනගෙනම යන්න. | Mahianganaya Kandy Road

ඒ විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් ය.

ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, කැලිෆෝනියාවේ වෙරළබඩ සමහර ප්‍රදේශවල ඇති දැවැන්ත මුහුදු රළ ඇතිවීමේ අවධානමක් මතුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

උස් රළ නිසා ඇතිවිය හැකි හානි මගහරවා ගැනීමට නිවැසියන්ට වෙරළ සහ වෙරළබඩ මාර්ගවලින් බැහැරව සිටින ලෙසයි නිලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

සමහර ප්‍රදේශවල ජනතාවට තම පදිංචි නිවාස වලින් ඉවත් වන ලෙස මේ වන විට උපදෙස් ලැබී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ලොස් ඇන්ජලීස් හි ජාතික කාලගුණ සේවය විසින් පහත් බිම්වල වෙරළබඩ ප්‍රදේශ මුහුදු ජලයෙන් යට විය හැකි බවට පුරෝකථනය කර ඇති බව ද වාර්තා වේ.

සම්පූර්ණ විස්තරය පහතින්,

මුහුදු රළ අඩි 30 ක් උසින් පැමිණිය හැකි බවට අනතුරු ඇඟවීමක්..ජනතාවට ඉවත් වන්නැයි දැනුම්දෙයි..

මුහුදු රළ අඩි 30 ක් උසින් පැමිණිය හැකි බවට අනතුරු ඇඟවීමක්..ජනතාවට ඉවත් වන්නැයි දැනුම්දෙයි..