නගරයක් පුරා දැඩි දුර්ගන්ධයක් පැතිර යයි..

Colombo
By Sewvandhi Dec 11, 2023 01:40 PM GMT
Report

නඩත්තුවක් නොමැති වීමෙන් පසුගිය දින කිහිපය පුරා ,ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දිනපතා පැමිණෙන මහරගම නගරයේ ස්ථාපනය කර ඇති පොදු වැසිකිළි පද්ධතිය නිසි උතුරා යමින් තිබූ බව වාර්තා විය.

දිගු කාලයක සිට පවතින මෙම ගැටලුව හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටී. ඉතා ජනාකීර්ණ නගරයක් වන මහරගම දිනපතා විශාල පිරිසක් සිය අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා පැමිණෙන නගරයකි.

ජනතාව චෝදනා කරන්නේ,  නරගයට පැමිණෙන ජනතාවට සිය ශාරිරික අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා ඉදිකර ඇති පොදු වැසිකිළි පද්ධතිය ඉතාමත් අපිරිසිදු තත්ත්වයක පවතින බවයි.

වසර කිහිපයකට ඉහතදී රුපියල් කෝටි එකහමාරක මුදලක් වැය කරමින් මෙම වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කර තිබුණත් නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් වැසිකිළි පද්ධතිය භාවිතය අපහසු වී තිබේ. මහ වැස්සත් සමග වැසිකිළියේ මළ අපද්‍රව්‍ය උතුරා ගොස් ඒවා නගරයේ කාණු පද්ධතිය හා එක් වී ඇති බවයි, නගරවාසීන් පවසන්නේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව මේවන විට පවතින්නේ දැඩි දුර්ගන්ධයකි. වෙළඳුන් පවසන්නේ මේ හේතුවෙන් මහරගම පොදුවෙළෙඳපොලේ වෙළෙඳාම් කටයුතු සිදුකිරීමද කිරීම ද දුෂ්කර වී ඇති බවය.

වඩාත් කණගාටුවට කරුණ නම් වැසිකිළි පද්ධතියට ඉතා ආසන්නේ පිහිටි මහරගම නගරසභාව ඒ සඳහා කිසිදු පියවරක් නොගැනීමය. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, නගර සභාවේ ගලි බවුසර් තුනම මේවන විට අබලන් වී ඇති බවට පවසමින් මෙම ගැටළුවට විසඳුම් ලබාදීම දිනෙන් දින බලධාරින් කල් දමන බවටයි.