නගරික මන්ත්‍රීවරයෙකු ජිවිතක්ෂයට..!

Sri Lanka Accident
By Sewvandhi Feb 12, 2023 02:07 PM GMT
Report

යාපනය මහ නගර සභා වේ ඊ.පී.ඩී.පී නගරික මන්ත්‍රී නීතිඥ එම්.රෙ මීඩියස් මහතා  ඊයේ (11) යාපනය ශීක්ෂණ රෝහලේ දී මියගො ස් තිබෙනවා.

මීට දින කීපයකට පෙර රෙමීඩියස් නගර සභා මන්ත්‍රීවරයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යාපනය පේදුරු තුඩුව ප්‍රදේශයේ දී සුනඛයෙකු යතුරුපැදියේ ගැටීම නිසා අනතුරකට පත් වුනා.

අනතුරෙන් ඔහු සුළු තුවාල ලබා තිබුණද හදිසියේ ම මොළයට රුධිරය වහනය වීම නිසා මරණයට පත්ව තිබෙනවා. 

 මන්ත්‍රීවරයා පැළද සිටි හිස් වැසුම අනතුරත් සමග ගැලවී යාමෙන් පසුව මන්ත්‍රීවරයා ගේ හිස පාරේ රළු ස්ථානයක ගැටී තිබුනා.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now