අද උතුරු අහසේ ලයිරිඩ්ස් දිස්වෙයි.

Astrology
By Gagana Apr 22, 2024 12:41 PM GMT
Report

අද (22) වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසා තිබෙනවා.

අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර පවසා සිටියේ, සෑම වසරක ම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා මෙම උල්කාපාත වර්ෂාව සක්‍රීය ව පවතින අතර මෙම උල්කාපාත වර්ෂාව "වීණාව" කියන තාරකා රාශිය ආශ්‍රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බව ය.

ඔහු තව දුරටත් පවසා තිබෙන්නේ,

"මෙම උල්කාපාත වර්ෂාවේ දී පැයකට උල්කාපාත 20ක් පමණ නිරීක්ෂණය කළ හැකි වෙනවා. මේක අද රාත්‍රීයේ හෝ හෙට අලුයම උපරිම අවස්ථාවට පත්වනවා. අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මේක නිරීක්ෂණය කළ හැකි ය. අද ගැටලුවක් වෙනවා පූර්ණ චන්ද්‍රයා අපිට පේන නිසා. ඒ නිසා මේක නිරීක්ෂණය කරන්න හොඳම වෙලාව වෙන්නේ ‍අලුයම 4 - 5 දක්වා කාලයේ දී උතුරු දිශාව ආශ්‍රිකව මේ උල්කාපාත වර්ෂාව පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි වෙනවා."       

................................................................

May you Like