එල්. පී. එල්. 2026 තරගාවලිය අදින් ඇරඹෙයි
මෙරට ප්‍රමුඛතම විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (එල්. පී. එල්.) 2026 තරගාවලිය අද (17) ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ සමාරම්භක උත්සවය අද රාත්‍රී 7.30ට කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර, ඉන් අනතුරුව සමාරම්භක තරගය ජැෆ්නා කින්ග්ස් සහ ගෝල් ගැලැන්ට්ස් කණ්ඩායම් අතර පැවැත්වේ.
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම භානුක රාජපක්ෂ විසින් නායකත්වය දරන අතර, ගෝල් ගැලැන්ට්ස් කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වයෙන් තරග වදියි.
මෙවර තරගාවලියට කුසල් මෙන්ඩිස් නායකත්වය දරණ කලම්බු කැප්ස්, දිනේෂ් චන්දිමාල් නායකත්වය දරණ දඹුල්ල සික්සර්ස් සහ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම්ද එක්ව සිටී.
මේ අතර, තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩංවල මහතා සඳහන් කළේ තරග කොළඹ එස්. එස්. සී., ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනවලදී පැවැත්වෙන බවයි.
එමෙන්ම, මෙවර එල්. පී. එල්. ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් කෝටි 3ක ත්‍යාග මුදලක් පිරිනැමෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.