හිටපු නීතිපති සම්බන්දයෙන් විශේෂ නියෝගයක්..!
Kalutara
Sri Lanka
Sri Lanka Police Investigation
Accident
By Sewvandhi
ප්‍රකාශ සටහන්කර ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
හිටපු නීතිපතිවරයා ගොනු කර තිබු රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන මහත්වරුන් විසින් එම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
අදාළ අතුරු තහනම් නියෝගය දුරකථන සහ ෆැක්ස් මාර්ග ඔස්සේ පොලිස්පතිවරයා, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත යැවීමට ද විනිසුරු මඩුල්ල එහිදී අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.
පෙත්සම ලබන 10 වනදා යළි කැඳවීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |