ලොවම මවිත කරමින් නාසා වාර්තාවක් තැබූ ලංකවේ පොඩ්ඩා. (VIDEO)

NASA Artist
By Wayomi Dec 27, 2023 11:00 AM GMT
Report

නාසා ආයතනයේ 2024 වසරේ දින දර්ශනයට සිය සිතුවම ඇතුළත් කරගන්නට තරම් දක්ෂතා දැක්වූ ලංකාවේ පුංචි සිත්තරෙක් පිළිබඳව පුවතක් තිරප්පනේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඒ, තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 02 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහම් ලෝෂිත ප්‍රේමරත්න නම් පුංචි පුතා.

ලොවම මවිත කරමින් නාසා වාර්තාවක් තැබූ ලංකවේ පොඩ්ඩා. (VIDEO) | Loshitha Who Went To Nasa Calendar

චිත්‍ර ඇදීමට සහජ දක්ෂතාවයක් දක්වන දහම් විවිධ ජාතික සහ ජාත්‍යන්තර තරගවලට සිය නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර නාසා ආයතනය මගින් සංවිධාන කරන චිත්‍ර තරඟාවලියක් පිළිබඳවත් පුංචි දහම්ට තොරතුරු ලැබෙන්නේ මේ අතරතුරයි.

ලොවම මවිත කරමින් නාසා වාර්තාවක් තැබූ ලංකවේ පොඩ්ඩා. (VIDEO) | Loshitha Who Went To Nasa Calendar

එහිදී "අභ්‍යාවකාශයේ ජීවත්වීම සහ වැඩ කිරීම" තේමාව යටතේ දහම් ඉදිරිපත් කළ මෙම චිත්‍රයට ලෝකයේ බොහෝ රටවල පුංචි සිත්තරුන් පරාජය පළමු තැන හිමිවෙනවා.

ඒ අනුව දහම්ගේ මෙම ජයග්‍රාහී චිත්‍රය නාසා ආයතනයේ 2024 වසර සඳහා වන දින දර්ශනයේ ජුලි මාසය සඳහා ඇතුළත් කර ඇත.