බස් රියැදුරන්ට වැඩ වරදින්නයි යන්නේ.

Drugs Srilanka Bus
By Wayomi Apr 16, 2024 08:12 AM GMT
Report

ප්‍රවාහන සේවයේ නියුතු රියැදුරන් විසින් රිය ධාවනය කරන අවස්ථාවේදී විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්තේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා මේ වන විට වැඩපිළිවලක් ආරම්භ කර තිබෙනවා.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ විද්‍යාත්මක කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂ රංජිත් වික්‍රමසිංහ ,පසුගිය දිනවලදී පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා විසින් බස් රථ රියැදුරන් අයිස් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන බැවින් ඒ පිළිබඳ සොයා බලන ලෙස කරන ලද ඉල්ලීම් මත ,මෙම තීරණය ගත් බවයි.

ඒ, අනුව ප්‍රවාහන අමාත්‍යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා මහජන ආරක්ෂක අමාත්‍යාංශය එකාබද්ධව අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. 

මෙහි මූලික පියවර ලෙස බස්නාහිර පළාත තුළ කරන ලද නිරීක්ෂණවලදී සැලකිය යුතු ප්‍රමාණයක් විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට හඳුනාගෙන ඇත.

කාලයේදී මෙන්ම දහවල් කාලයේදී රියැදුරන් මෙලෙස මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට හඳුනාගෙන ඇති අතර ඉදිරියේදී මෙය නියාමනය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් රෙගුලාසි සකසමින් ඇති බවද සඳහන්.