ටික් ටොක්,යු ටියුබ් හොල්ලන සියල්ලන් ආදරේ කරන අතිශය ජනප්‍රිය ලොචිගේ කවුරුත් නොදත් සංවේදී ජිවිත කතාව..(PHOTOS)

Sri Lanka Sri Lanka Social Media Gossip Today
By Sewvandhi Aug 20, 2022 04:39 PM GMT
Report

ටික් ටොක් නිසා ප්‍රසිද්ධ වෙලා යූටියුබ් නාළිකාවක් ආරම්භ කරමින් ජනතාවගේ ආදරය දිනා ගත් ලෝචී හංසමාලී ජයකොඩි, ඈ ගැනයි මේ කතාව.

ලෝචීට බොහෝ දෙනෙක් ආදරේ කරනවා, ඒ නිසා ඔබ ගැන මුලින්ම කෙටියෙන් කියමු..?

මම මූලික අධ්‍යාපනය ලැබුවේ පිළියන්දල අංක එක කනිෂ්ඨ විද්‍යාලයෙන්. සාමාන්‍ය පෙළ කරන්න කැස්බෑව ආටිගල බාලිකා විද්‍යාලයට ගියා. පස්සේ උසස් පෙළ කරන්න ගල්කිස්ස බෞද්ධ බාලිකාවට ඇතුළත් වුණා. ඒ වෙද්දී මගේ අම්මා සුව කරන්න බැරි රෝගයකින් පෙළුණා. අම්මා නැති වුණු නිසා මට උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බැරි වුණා. එතැනින් අධ්‍යාපනය නතර වුණා. මම නංගිලා දෙන්නා බලාගෙන ගෙදර හිටියා.

ගෙදරක අම්මා කෙනෙක් නැති නිසා ඔබට බාල නංගිලාට ඔබ අම්මා කෙනෙක් වුණා, එතකොට තාත්තා..?

මම තමයි නංගිලා දෙන්නව බලාගත්තේ. මම මේ මුල් වතාවට කියන්නේ තාත්තා ගැන. අම්මා නැති වුණා ට පස්සේ මගේ ළමා කාලය හරි අමිහිරියි. තාත්තා කුඩම්මෙක් ගෙනාවා. එයා හොඳ අම්මා කෙනෙක් වුණේ නැහැ. ඒ නිසා මට තාත්තා ගැනත් ඇති වුණේ කලකිරිමක්. මේ වෙද්දී මාත් එක්ක චුටි නංගි ඉන්නවා. ලොකු නංගි විවාහකයි.

අම්මා තාත්තගේ ආදරේ හරියට නොලැබෙන දරුවෝ පෙම්වතුන්ගේ ආදරේ හොයනවා කියනවා, ඔබත් ඒ වෙද්දී පෙම්වතියක්ද..?

ඔව්. මමත් ආදරේ හෙව්වා. ඒ නිසා අවුරුදු හයක් පිරිමි ළමයෙකුට පෙම්වතියක් වෙලා ඔහු සමඟ විවාහ ගිවිසාගෙන එක වහලක් යටට ගියා පවුල් ජීවිතයක් ගත කරන්න. ආදරේත් මට ගෙනාවේ අසුන්දර අත්දැකීම්. ඔහුට මම ඉන්නකොට වෙන සම්බන්ධතා තිබ්බා. සමහර ඒවා අතට අහු වුණා. ඒවාට සමාව දුන්නා. නමුත් ඔහු හැදුණේ නැහැ. ඩිවෝස් එකට කලිනුත් කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තිබ්බා. අවසානයේ ඔහුගෙන් දික්කසාද වුණා. මගේ ජීවිතේ හැම මොහොතකම අත්දැකීම් එකතු කරා කිව්වොත් හරි.

ඔබ දැන් පෙම්වතියක්, ප්‍රේමයෙන් බැට කාලා හිටපු නිසා ආදරේ කරන්න බයක් හිතුණේ නැද්ද..?

දිනුක ජෝන් තමයි මගේ පෙම්වතා. ජෝන් මාත් එක්ක විඩියෝවල හිටියා. යාළුවෝ වගේ හිටියේ, ඒ කාලේ අපි අතර ආදරයක් ගැන අදහසක් තිබුණෙත් නැහැ. ඒ කාලේ ජෝන් ගැන ලොකු විශ්වාසයක් ඇති වුණෙ. ගති ගුණ හොඳයි. හොද කොලිටීස් තිබ්බා. ඔහොම ඉන්නකොට එයා එක පාරටම මට ආදරේ ප්‍රකාශ කළා. මම ගැන සියල්ල දන්න මම ළඟින් හිටපු කෙනෙක් නිසා මම හිතුවා එයා තමයි මට ගැළපෙන කෙනා කියලා. මමත් ඒ ආදරේ පිළිගත්තා. අපි දැන් ආදරේ කරන්න පටන් අරගෙන අවුරුදු දෙකක් වෙනවා. ලබන අවුරුද්ද අවසානයේ විවාහ වෙන්න ඉන්නේ. ඒ වගේම එයාගේ අම්මව මතක් කරන්න ඕන. මට ලැබුණු හොඳම නැන්දම්මා. මට හරි ආදරෙයි. මගේ අම්මට පස්සේ මම එයාට තමයි වැඩිපුරම ආදරේ කෙනා. මට දැන් තනිකමක් දැනෙන්නේ නැහැ.

ලෝචී දැන් මූල්‍ය පැත්තෙන් ශක්තිමත් කෙනෙක්ද..?

මම මගේ චූටි නංගී එක්ක තනියම ඇනෙක්ස් එකක ජීවත් වෙන්නේ. මට මහගෙදර තියෙනවා. නමුත් අම්මගේ මතක එක්ක මට එහේ ජීවත් වෙන්න බැහැ. අනිත් එක මම කැමති නැහැ නෑදෑයින්ට. ඒ කාලේ එයාලා මට සලකපු විදිහ හරි නැහැ. ඒ නිසා මගේ වැඩ කරගෙන මම පාඩුවේ ජීවත් වෙනවා. මාස හතරකට කලින් මට කියලා වාහනයක් ගත්තා. හොදින් ජීවත් වෙනවා.

යූටියුබ් නාළිකාවක් කළා කියලා ලොකුවට හම්බ කරන්න බැහැ කියලද කියන්නේ ..?

හිතන තරම් ලේසී නැහැ. නමක් හදාගත්තට පස්සේ වෙළෙඳ දැන්වීම් වලින් තමයි ගේමක් ගහන්න පුළුවන් වෙන්නේ. වාහනය ගත්තේ ඒ විදිහට තමයි ලෝචිට ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු..? පොඩි ළමයි තමයි මට වැඩිපුර ම ආදරේ මාත් එක්ක ෆෝටෝස් ගන්න එද්දී එයාලාගේ දෙමාපියන් කියනවා එයාලත් මගේ විඩියෝ බලනවා කියලා. ඉතිං කොහේ ගියත් ලෝචී අක්කේ කියලා කතා කරන අය ඉන්නේ ඒ ගැන සතුටුයි.

ලෝචී ආඩම්බර ද..?

ආශ්‍රය කරන්න කලින් නම් එහෙම හිතපු අය හිටියා. ෆිට් වුණා ට පස්සේ මළ වදයක් බං කියන අය ඉන්නේ.

හර්ෂණී වීරරත්න සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකයෙන්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery