පළාත්පාලන නාමයෝජනා අවලංගු කෙරේ. - හේතුව මෙන්න.

Election Commission of Sri Lanka Sri Lanka Politician Government Of Sri Lanka Election
By Wayomi Feb 19, 2024 05:54 AM GMT
Report

දින නියමයක් නොමැතිව කල් දමා ඇති පළාත්පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

රජය මෙම පියවර ගෙන ඇත්තේ, හිටපු පළාත් පාලන නියෝජිතයින් කරනු ලැබූ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙසයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වනදා පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද ඒකමතිකව තීරණය කරනු ලැබුවා.

ඒ අපේක්ෂකයින් මුහුණ දී ඇති අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින්.