ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකාවෙන් මෙරටට ලැබුණු දේ
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ප්‍රගතියට සහාය දැක්වීම සඳහා අමෙරිකාවේ "ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කෝපරේෂන්" මගින් අමෙරිකානු ඩොලර් මිලියන 120ක ණයක් ලබාදුන් බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.
අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් පැවසුවේ, "වසර 70ක් පුරා විදෙස් ආධාර, ණය සහ වෙළෙඳ අවස්ථා ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනයට සහ ශ්‍රී ලංකා ජනතාවට අමෙරිකාව උදව් කළා."
"අද නිවේදනය පෞද්ගලික අංශයට හොඳ පණිවුඩයක් වෙයි. DFC මගින් ලබාදුන් මිලියන 120 කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සඳහා හොඳ අත්වැලක් වෙයි. එමගින් ධනය උත්පාදනය, රැකියා අවස්ථා සහ අනාගතය සුභදායි කරගැනීමට අවස්ථාව ලැබෙයි."
අද නිවේදනය කළ ව්‍යාපෘතිය ඔස්සේ අමෙරිකානු ඩොලර් මිලියන 100ක් කොමර්ෂල් බැංකුවට ඝෘජු ණයක් ලෙස ලබාදෙයි. එම මුදල භාවිතාකර ශ්‍රී ලංකාවේ ක්‍ෂුද්‍ර, කුඩා, සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ට ණය ලබාදීමට එම බැංකුවට අවස්ථාව හිමිවෙයි.
විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකත්වය වර්ධනය කිරීමට එය ආධාර වෙතැයි අපේක්ෂා කෙරේ. ඉතිරි ඩොලර් මිලියන 20 පෞද්ගලික ආයතන දෙකකට ලබාදීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |