දිවයින පුරා සුරා සැල් වැසීමට තීරණයක් - ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය මෙතනින්.
Latest Headlines
Decision Making
By krishani
දිවයින පුරා පිහිටි සුරාබදු බලපත්ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.
ඒ දෙසැම්බර් මස 25 වන සදුදා යි.
එසේ වුව ද, සංචාරකයන්ගේ පහසුව උදෙසා මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්ර ලත් ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තාරකා පන්ති වර්ගීකරණයට යටත් හෝටල සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත් වෙයි.
මේ අතර, 26 වන අගහරුවාදා දිනට යෙදී ඇති උදුවප් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්ර ලත් ස්ථාන ද වසා තැබීමට නියමිතයි.
කෙසේ වෙතත්, එම නියෝගය ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියළුම ආයතන සම්බන්ධයෙන් ද එක ලෙස බලපැවැත් වෙයි.