මත්පැන් ගැන මෙරටින් ඇහෙන අලුත්ම ආරංචිය මොකක්ද දන්නවා ද?.
නත්තල් දින සහ ඊයේ (26) පොහෝ දිනයේ දිවයින පුරා පිහිටි සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කළේ ය.
නමුත් එම දින දෙක තුළ අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් බෝතල් 600කට අධික ප්‍රමාණයක් සමග චීන ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් විසින් සිය භාරයට ගැනීමට කටයුතු කළේ ය.
පොලිසිය විසින් කොල්ලුපිටිය - රොටුන්ඩා ප්‍රදේශයේ දී මෙන්ම දොම්පේ - මණ්ඩාවල සහ යාපනය - රසාවින් තෝට්ට වීදිය ප්‍රදේශ වල දී වැටලීම් සිදු කළේ ය.
ඒ බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කරන බවට කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරකට අනුවයි.
එහිදී කොල්ලුපිටිය - රොටුන්ඩා ප්‍රදේශයේ වැටලීම් සිදු කළ අතරතුර 44 හැවිරිදි චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, යාපනය - රසාවින් තෝට්ට වීදිය ප්‍රදේශයේ දී මත්පැන් බෝතල් 428ක් සහ දොම්පේ - මණ්ඩාවල ප්‍රදේශයේ දී මත්පැන් බෝතල් 20කට අධික ප්‍රමාණයන් සොයා ගෙන ඇත.