ලාංකීය ප්‍රේක්ෂක හදවත් සොරාගත් ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම කලාකරුවානන් අභාවප්‍රාප්ත වෙයි(PHOTOS).
ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම කලාකරුවානන් අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වනවා.
තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’(1980) චිත්‍රපටයටය තුළින් රංගනයට අත්පොත් තැබූ ලයනල් වික්‍රමයන් එහි බේබි මහත්තයා ගේ චරිතය නිරූපනය කරමින් ප්‍රේක්ෂක හදවත් තුළට මුලින්ම සමීප විය.
අනතුරුව ලංකාවේ නිෂ්පාදිත පළමු ටෙලිනාට්‍ය ලෙස රූගතවුවද විකාශනය වනවිට ලංකාවෙ හතරවෙනි ටෙලිනාට්‍යය වන "ගඟුලෙන් එගොඩට" පතිරාජයන් ගේ වැඩක් ලෙස වික්‍රමයන් මුලින්ම දායක වී තිබීම ද විශේෂත්වයක්.
එය ලයනල් වික්‍රමයන් ගේද ටෙලිනාට්‍ය කලාවට මුලින්ම සම්ප්‍රාප්ත වීම බවයි පැවසෙන්නේ.
පළමු වතාවට හාමු චරිතයක් ලෙස ලාංකේය ටෙලිනාට්‍යය වංශ කතාවේ අති විශිෂ්ට නිර්මාණයක් වන "ඇල්ල ළඟ වලව්ව"(1988විකාශනය) ටෙලිනාට්‍යයේ ආතර් හාමු චරිතය වික්‍රමයන් පණ දෙමින් ප්‍රේක්ෂක හදවත් දිනාගැනීමට සමත් විය.
එය ධර්මසේන පතිරාජයන් ගේ විශිෂ්ඨ නිර්මාණයක්.
ලයනල් වික්‍රමයන් "බට්ටි "ටෙලි නාට්‍යයෙ පවුලක ප්‍රධානියා ලෙස සැර පරුෂ දරදඬු පාලකයෙක්ගේ චරිතය "ආටි හාමු "ලෙස නිරූපණය කළා.