නව රෝගයක් යළි හිස ඔසවයි - මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න..

Sri Lanka Ministry of Health Sri Lanka
By krishani Jan 03, 2023 10:10 AM GMT
Report

වැලිමැස්සාගෙන් බෝවන ලීෂ්මේනියාසිස් රෝගය දිවයින පුරා හිස ඔසවමින් පවතියි. 

මේ තත්ත්වය වියලි කලාපවල වර්ධනය වෙමින් තිබෙන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරපෝෂිතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක මහතා පැවසීය.

මෙම රෝගය ආසාධනය වුවහොත් එය කුරුලෑවක් වැනි කුඩා බිබිලක් ලෙස පෙන්නුම් කරයි.

එය වර්ධනය වී තුවාලයක් බවට පත්විය හැකිය.විශේෂත්වය වන්නේ කිසිම වේදනාවක් නොදැනීම මෙන්ම කැසීමක් ද සිදු නොවන අතර වැඩිපුරම හමේ තුවාල දකින්නට ලැබෙන්නේ ශරීරයේ නිරාවරණය වන කොටස්වල ය.ඒ මුහුණ, අත සහ කකුල්වල ය.

මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මණින් චර්මරෝග විශේෂඥ සානයකයකට යා යුතු අතර මාස කිහිපයක් හෝ වසර කිහිපයක් මෙම තුවාල පැවතීමේ හැකියාව ද පවතියි.

මෙම රෝගය අභ්‍යන්තර අවයවවලටද හානි ගෙන දෙන බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කරන ලෙස කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරපෝෂිතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join